“අගමැතිට හදිසි ශල්‍යකර්මයක් කලේ නෑ” - නාමල් , “ශල්‍යකර්මයක් කලා” - චමල් (VIDEO)

ඊයේ(27) ගම්පොළ, ඉහළවෙල නාරාවිට ශ්‍රී සම්බුද්ධජයන්ති විහාරයේ අභිනව බුදු පිළිරුව විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මෙකී උත්සවයට පැමිණෙන්නට නියමිතව සිටි තම සොයුරු අගමැති මහින්ද රාජපක්ෂට එහි නොපැමිණෙන්නට හේතුවූ කරුණු පැහැදිලි කරමින් මෙලෙස කීවේය.
“අගමැතිතුමා මේ උත්සවයට සම්බන්ධ කරගන්න බැරිවුනේ එතුමා හදිසි ශල්‍ය කර්මයකට භාජනය වෙච්ච නිසා.... එතුමාට අද මේ අවස්ථාවට සම්බන්ධ වෙන්න බැරිවුණත් සමරු කලාපයට එතුමාගේ සුභාශිංෂණ පණිවිඩය ඉදිරිපත් කරලා තියෙනවා....
මෙවැනි පුණ්‍යකර්මයකට සම්බන්ධ වෙන්න ලැබීමත් වාසනාවක් හැටියට සලකනවා. පුරාණයේ රජවරු යම් යම් කරදර අවස්ථාවලදී සතුරු උපක්‍රම අවස්ථාවලදී ගිහිල්ලා ආරක්ෂාව පතා යන්නෙ පන්සල්වලට.. විහාරස්ථාන වලට තමා”
මීට ඉහතදී අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතාට සැත්කමක් කළ බවට පළවන වාර්තාවල කිසිදු සත්‍යයතාවක් නොමැති බවයි.
707 Views
Comments