JAN
21
ලිට්‍රෝ සභාපතිකම නොලැබුණු රේණුකට මිල්කෝ සභාපතිකම

මිල්කෝ ආයතනයේ නව සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතාව පත්කර ඇත.
ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් ලෙසද කටයුතු කරයි.
එහි මෙතෙක් සභාපති ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසිංහ මහතාව එම ධුරයෙන් ඉවත් කර ඇති බවට පසුගිය (19) මාධ්‍ය රැසක් වාර්තා කර තිබූ නමුත් මාධ්‍ය හමුවක් කැඳවූ ලසන්ත වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, නව සභාපතිවරයෙකු පත්කර ඇතැයි තමන්ද දැනගත්තේ මාධ්‍ය හරහා බවයි.
677 Views
Comments