JAN
14
සහල් මිල වැඩි කිරීම පාප කර්මයක් - බන්දුල කියයි

වැඩි ලාභ ලබා ගැනීම සඳහා සහල් මිල ඉහළ දැමීම පාප කර්මයක් බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ බලපිටිය ප්‍රදේශයේ සතොස ශාඛාවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
මීට අමතරව පෞද්ගලික අංශය විසින් ආනයනය කර ඇති සහල් කන්ටේනර 500ක් කොළඹ වරායේ ඇති බවද බන්දුල ගුණවර්ධන මහතා පැවසූවා.
එම සහල් වෙළෙඳපොළ නිදහස් කිරීමෙන් පසුව අඩු මිලට සහල් ගැනීමේ අවස්ථාව ජනතාවට හිමිවනු ඇති බවයි වැඩිදුරටත් ඔහු සඳහන් කළේ.
788 Views
Comments