පාස්කු වගකීමෙන් ගැලවෙන්න මෛත්‍රී කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සඳහා වන්දි අයකර දෙන ලෙස ඉල්ලා ගොනු කර ඇති නඩු වලින් තමා නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණ විසින් අද ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මෙම සිද්ධියට සම්බන්ධව කොළඹ දිසා දිසා අධිකරණය නඩු 128 ක් ගොනු කර ඇති අතර එම නඩු සියල්ලම සිවිල් නඩු විධාන සංග්‍රහයට අනුකූලව පවරා නොමැති බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් මෝසමක් ගොනු කරමින් ඔහුගේ නීතිඥවරුන් පෙන්වා දී තිබෙනවා.
නමුත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රහාරයට පෙර තොරතුරු ලැබී තිබුණු බවට තොරතුරු හෙළිදරව් වී ඇති බැවින් හිටපු ජනාධිපතිවරයා ගොනු කළ මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කරන ලෙස අගතියට පත් වූවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
1025 Views
Comments