DEC
31
කොරෝනා මළ සිරුරුවලටත් ගෑස් පෙන්වයි

රට තුළ උද්ගත වී ඇති උග්‍ර ගෑස් හිඟයක් සමග කොරෝනා මල සිරුරු ආදාහනය කිරීමේ ගැටලුවක් උද්ගතවී ඇතැයි වාර්තා වෙනවා.
දිවයිනේ ප්‍රදේශ රැසකින් මේ බව වාර්තා වන අතර මේ නිසා කොරෝනා මල සිරුරු අදාළ රෝහල් වල ගොඩගැසී ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් රෝහල් මෘත ශරීරාගාර පිරි ඉතිරි යාමට හැකි බවද තතුදත් ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේම මේ තත්ත්වය සාමාන්‍යයෙන් මරණයක ආදාහනයට බලපාන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
805 Views
Comments