JAN
21
වැඩි පොලියක් පෙන්වා මවගේ ලක්ෂ දාහතරකට විද්ද පුතා නිදැල්ලේ

වැල්ලවාය, නුගේයාය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකගේ ලක්ෂ දාහතරක් ඊයේ(20) ඇගේ පුතා විසින් පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය පරීක්ෂණ අරඹා තිබේ.
අදාළ කාන්තාව විසින් රුපියල් ලක්ෂ දාහතරක මුදලක් වැල්ලවාය පෞද්ගලික බැංකුවක තැන්පත්කර තිබෙන අතර වෙනත් බැංකුවක තැන්පත් කිරීමෙන් එම බැංකුවට වඩා වැඩි පොළියක් ලබාගත හැකි බව ඇයගේ පුතා පවසා ඇත.
අනතුරුව ඇය පුතා සමඟ බැංකුවට ගොස් මුදල් ලබාගෙන ඇති අතර එම මුදල පුතා විසින් මෙලෙස පැහැරගෙන ගොස් තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
715 Views
Comments