කන්ද උඩරට ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අදයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
30

කන්ද උඩරට ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අදයි

කන්ද උඩරට ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අදයි

වාර්ෂිකව පැවැත්වෙන ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද විථි සංචාරය කිරීමට නියමිතයි.

 

ශ්‍රී දළදා මාලිගාවේ උතුරු දිසාවෙන් රාත්‍රී 7.03ට ගමන් අරඹන ඇසළ පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්දේ වීදිය, ඩී.එස්. සේනානායක වීදිය ඔස්සේ ගමන් කර රජ වීදියෙන් ගෙවැදීමට නියමිත බව දියවඩන නිලමේවරයා සඳහන් කර සිටියේය. 

 

පසුව සිවු මහා දේවාලවල දේව පුජා පවත්වන අතර අලුයම් කාලයේදී දිය කැපුම් මංගල්‍යය සඳහා කටුකැලේ වීදිය ඔස්සේ ගැටඹේ තොටට යාම සිදු වේ.

views

262 Views

Comments

arrow-up