ශ්‍රී ලංකාවට අලුතින් රාජ්‍යතාන්ත්‍රිකයන් පැමිණෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
23

ශ්‍රී ලංකාවට අලුතින් රාජ්‍යතාන්ත්‍රිකයන් පැමිණෙයි

ශ්‍රී ලංකාවට අලුතින් රාජ්‍යතාන්ත්‍රිකයන් පැමිණෙයි

අද (23) පෙරවරුවේ ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය අක්ත පත්‍ර භාරදී තිබේ.

 

 

නව තානාපතිවරුන් දෙදෙනෙක් ඉතාලි ජනරජය සහ ජර්මානු ෆෙඩරල් ජනරජය සඳහා පත්ව සිටින අතර, නව මහකොමසාරිස්වරයෙක් මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානිය සහ උතුරු අයර්ලන්තය සඳහා පත්ව සිටියි.

 

 

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක විසින් ජනාධිපති කාර්යාලය වෙත පැමිණි රාජ්‍ය තාන්ත්‍රිකයන්  පිළිගනු ලැබීය.

 

 

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අක්ත පත්‍ර භාරගැනීමෙන් අනතුරුව නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරයා සමඟ සුහද කතා බහක ද නිරත විය.

 

 

අද අක්පත්‍ර භාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නාම ලේඛනය පහතින් දැක්වේ.

 

1. Mr. Damiano Francovigh – Ambassador – designate of the Republic of Italy in Colombo.

( දමියානෝ ෆ්‍රැන්කොවිහ් මහතා – තානාපති – ඉතාලි ජනරජය)

 

2. Mr. Andrew Patrick – High Commissioner – designate of the United Kingdom of Great Britain & Northern Ireland

(ඇන්ඩෘ පැට්‍රික් මහතා – මහ කොමසාරිස් – මහා බ්‍රිතාන්‍යයේ එක්සත් රාජධානිය සහ උතුරු අයර්ලන්තය)

 

3. Dr. Felix Neumann- Ambassador – designate of the Federal Republic of Germany

(ආචාර්ය ෆෙලික්ස් නියුමාන් මහතා – තානාපති – ජර්මානු ෆෙඩරල් ජනරජය)

 

 

views

244 Views

Comments

arrow-up