ත්‍රිකුණාමලයට තෙල් පිරිපහදුවක්

නව ඉන්ධන පිරිපහදුවක් ත්‍රිකුණාමලයේ ස්ථාපිත කිරීමට රජය සැළසුම් කර තිබේ.
එසේම 2030 වනවිට මෙරට සමස්ථ විදුලිබල උත්පාදන අවශ්‍යතාවයෙන් 70% පුනජනනීය බලශක්තින් මගින් සපුරාගැනීමේ රජයේ වැඩපිළිවෙළට නැගෙනහිර පලාත සූදානම් කිරීමට ද යෝජනා වී තිබේ.
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් නැගෙනහිර පලාතේ ආණ්ඩුකාරතුමා , පලාත් ලේකම්තුමා සහ දිස්ත්‍රික් ලේකම් වරුන් සමග පවත්වා ඇත.
නැගෙනහිර පලාතට සැලසුම් කර ඇති පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වල වත්මන් ප්‍රගතිය සහ ඒවා කඩිනම් කිරීමට අවශ්‍ය කටයුතු , ඒ සදහා වන ඉඩම් අවසරයන් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබාදීම සහ නව ආයෝජකයන් මෙම ව්‍යාපෘති සදහා ආකර්ශනය කරගැනීම පිලිබදව මෙහිදී සාකච්ඡා කොට ඇත.
ත්‍රිකුණාමලය , බලශක්ති කේන්ද්‍රස්ථානය බවට පත්කිරීම රජයේ අරමුණ වී ඇත.
218 Views
Comments