පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

 පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් එළියට

 පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් එළියට

පාර්ලිමේන්තු සන්නිවේදනය අංශය වාර්තා කර තිබෙන්නේ පේරාදෙණි විශ්වවිද්‍යාලයේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේ දී හෙළිදරව් වී ඇති බවයි.



ඒ අනුව, කෝප් කමිටුව නිර්දේශ කර ඇත්තේ ඊට අදාළ දූෂණ හා වංචා සෙවීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට හා තෙමසක් ඇතුළත වාර්තාවක් කැඳවීමටයි.

 

 

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්.ඩී ළමාවංශ යන මහත්වරුන් ඇතුළු පිරිසක් කැඳවා තිබිණි.

 

 

මෙහි දී විගණන කමිටුව වර්ජනය කළ අනධ්‍යයන විධායක නිලධාරීන්ගේ මතයට කමිටුවේ විශේෂ සවන්දීමක් සිදු ව තිබේ.

 

 

කෝප් කමිටුවේ දී අවධාරණයට ලක් වී ඇත්තේ විශ්වවිද්‍යාල පාලක මණ්ඩලයට රජයේ මුල්‍ය රෙගුලාසි උල්ලංඝනය කිරීමට නොහැකි බවයි.

 

 

ඒ අනුව, කෝප් කමිටුව නියෝග කර ඇත්තේ ගිවිසුම් කඩ කළ ආචාර්යවරුන් 63කගෙන් රුපියල් මිලියන 25ක් අයකර ගැනීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙසයි.

 



මේ අතර, කෝප් කමිටුව නියෝග කර ඇත්තෙ මියගිය මහාචාර්යවරියකගේ ස්වාමියාට රුපියල් මිලියන 07කට අධික මුදලක් නීති විරෝධී ලෙස ගෙවීම පිළිබද වහාම පියවර ගැනීමටයි.

 

 

ශාරීරික අධ්‍යාපන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා රුපියල් මිලියන 3.2ක් අයථා පරිහරණය කිරීම සම්බන්ධයෙන් කඩිනම් පියවර ගැනීමටත් කමිටුව විසින් නිර්දේශ කර තිබේ.

 

 

මෙහි දී මිලියන 7.5ක වියදමින් ඉදිකරන ලද කලාගාරය වසර 06කට වැඩි කාලයක් නිෂ්කාර්යව පැවතීම, රුපියල් මිලියන 8.3ක වියදමින් ආරම්භකරන ලද පරිගණක පද්ධතියේ වැඩ වසර 06ක් ගතවුව ද අවසන් කර නොතිබීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳ අවධානය යොමු ව ඇත.

 

 

views

288 Views

Comments

arrow-up