AUG
03
මොණරාගල - වැල්ලවාය මාර්ගයේ දී බස් රථයක් සහ කැබ් රථයක් මුහුණට මුහුණ ගැටෙයි

ඊයේ (02) පස්වරුවේ මොණරාගල - වැල්ලවාය මාර්ගයේ මදුරුකැටිය ප්‍රදේශයේ දී ලංගම බස් රථයක් සහ පුද්ගලික කැබ් රථයක් එකිනෙක මුහුණට මුහුණලා ගැටී අනතුරක් සිදුව ඇති බව පොලිසිය පැවසීය .
එම අනතුරින් කැබ් රථයේ රියදුරු තුවාල ලබා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මොණරාගල දෙස සිට වැල්ලවාය දෙසට ගමන් කරන ලද බස් රථයක් සහ වැල්ලවාය දෙස සිට මොනරාගල දෙසට ගමන් කරන ලද කැබ් රථයක්ය.
කැබ් රථය පැද වූ රියදුරුගේ අපරික්ෂාකාරී රිය ධාවනය මෙම අනතුරට හේතුව බව මොනරාගල පොලිසිය සඳහන් කරයි.
257 Views
Comments