සුරාබදු වෙඩි තැබීම ගැන වාර්තාවක්

සුරාබදු දෙපාර්තමේන්තුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙන්නේ බම්බලපිටියේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසිය සිය රාජකාරියට බාධා කළ බවත්, ඒ හේතුවෙන් සැකකරුවන් අල්ලා ගැනීමට නොහැකි වූ බවයි.
එලෙස සුරාබදු දෙපාර්තමේන්තුව එම දැනුම්දීම සිදුකර තිබුණේ රාජකාරියට බාධා කළ පොලිස් නිලධාරීන් 07 දෙනකුගේ නම් සහිත වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමිනි.
පසුගිය 07 වනදා පස්වරුවේ බම්බලපිටිය මුහුදු මාර්ගයේදී වෑන් රථයකින් පැමිණි පිරිසක් මෝටර් රථයක් ඉලක්ක කර වෙඩිතැබීමේ සිද්ධියක් වාර්තා විය.
එම වෙඩිතැබීම සම්බන්ධයෙන් සිවිල් ඇඳුමින් සැරසී සිටි සුරාබදු නිලධාරීන් සිව්දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත්වුණි.
(08) වනදා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු එම සුරාබදු නිලධාරීන් සිව්දෙනා එක් අයෙකුට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරුණි.
මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුව සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් 09 වනදා අධිකරණයට ඉදිරිපත් කළේය.
එහි සඳහන් වන්නේ බම්බලපිටියේ හෝටලයක මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට ලැබුණු තොරතුරකට අනුව සිය නිලධාරීන් පිරිසක් එම ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීමක් කළ බවත්, එහිදී ලැබුණු තොරතුරකට අනුව ඊට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි.
සුරාබදු දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේ මෝටර් රථයක සිටි අදාළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පළායෑමට උත්සහ කළ අවස්ථාවේ ඔවුන්ට වෙඩිතැබීමට සිදුවු නමුත්, ඔවුන් පළාගිය බවයි.
සුරාබදු දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ වාර්තාවේ දක්වා තිබෙන්නේ පළාගිය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන කරමින් සිටියදී වාහනයකට වෙඩිතැබු බව කියමින් පොලීසිය තම නිලධාරීන් පිරිස අත්අඩංගුවට ගැනීම නිසා ඔවුන් අල්ලා ගැනීමට නොහැකි වූ බවත්, පොලිස් නිලධාරීන් තම රාජකාරියට බාධා කළ බවයි.
ඒ අනුව, සුරාබදු දෙපාර්තමේන්තුව පොලිස් නිලධාරීන් 07 දෙනෙකුගේ නම් සහිතව අධිකරණයට ඉදිරිපත්කළ එම වාර්තාව සැලකිල්ලට ගනිමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියම කළේ, එම සිද්ධිය සම්බන්ධයෙන් නීතීපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඉදිරි පියවර ගන්නා ලෙසයි.
264 Views
Comments