සිසුන් පැහැර ගැනීමට උත්සාහ දැරූ ත්‍රී රෝද රථ රියදුරු
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

සිසුන් පැහැර ගැනීමට උත්සාහ දැරූ ත්‍රී රෝද රථ රියදුරු

සිසුන් පැහැර ගැනීමට උත්සාහ දැරූ ත්‍රී රෝද රථ රියදුරු

වේයන්ගොඩ පොලිසිය පවසන්නේ වේයන්ගොඩ මාරපොල මහා විද්‍යාලයේ සිසුන් තිදෙනෙකු පැහැරගෙන යාමට උත්සාහ දැරූ ත්‍රී රෝද රථ රියදුරු සොයා විමර්ශන සිදුකරන බවයි.

 

 

මිනුවන්ගොඩ යකහටුව මාර්ගයේ පා ගමනින් පැමිණෙමින් සිටි එම විද්‍යාලයේ හත වසරේ ඉගෙනුම ලබන සිසුවෙකු අසල ත්‍රීරෝද රථය නැවතූ රියදුරු පාසල අසලට ඇරලවන ලෙස පවසා ඔහුව එහි නංවාගෙන තිබේ. 

 

 

 

පොලිස් නිලධාරියකු පැවැසුවේ ත්‍රි රෝද රථයේ සිටි සිසුවාගේ ඉල්ලීම මත වල්පිටමුල්ල ප්‍රදේශයේ දී ඔහුගේ මිතුරන් දෙදෙනෙකු ද ත්‍රීරෝද රථයට නංවාගෙන පාසල අසල නොනවත්වා ධාවනය වීමේ දී සිසුන් තිදෙනා ත්‍රිරෝද රථය නවතන ලෙස කෑ ගසා තිබූ බවයි.

 

 

 

පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ එය ගණනකට නොගත් ත්‍රීරෝද රත රියදුරු නොනවත්වා ධාවනය කිරීමේදී හිරිපිටිය ප්‍රදේශයේදී වාහනවලින් මාර්ගය අවහිර වීමත් සමඟම ත්‍රිරෝද රථයේ වේගය බාල වී ඇති අතර එහිදී සිසුන් තිදෙනා ත්‍රිරෝද රථයෙන් පිටතට පැන තිබු බවයි.

 

 

එම නිලධාරියා පැවසුවේ සිසුවෙකුගේ පියෙකු වන ගුරුවරයෙක් කරන ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇති බවයි.

 

 

 

මේ පිළිබඳ පරීක්ෂණ වේයන්ගොඩ පොලිසිය පවත්වයි.

 

 

views

237 Views

Comments

arrow-up