යතුරුපැදිය පැදවූ 15 හැවිරිදි දරුවා ලොරි රථයක ගැටී ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
19

යතුරුපැදිය පැදවූ 15 හැවිරිදි දරුවා ලොරි රථයක ගැටී ජීවිතක්ෂයට

යතුරුපැදිය පැදවූ 15 හැවිරිදි දරුවා ලොරි රථයක ගැටී ජීවිතක්ෂයට

සෙට්ටිකුලම, මැදවච්චිය, මන්නාරම මාර්ගයේ මුදලියාකුලම් ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් 15 හැවිරිදි දරුවෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

 

මැදවච්චිය සිට මන්නාරම දෙසට ධාවනයවු යතුරු පැදියක් එම දිශාවටම ඉදිරියෙන් ගමන්ගත් ලොරි රථයක ගැටීමෙන් එම අනතුර සිදුව තිබිණ.

 

යතුරුපැදිකරුට යතුරුපැදිය පාලනය කරගත නොහැකිව අනතුර සිදුව තිබෙන අතර ලොරියේ රෝදයකට යටවීමෙන් 15 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබේ. 

 

ලොරියට යටවී තුවාල ලැබු 15 හැවිරිදි යතුරුපැදිකරු වව්නියාව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබේ.

 

ඔහු සෙටිකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර සිද්දිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

777 Views

Comments

arrow-up