එන්නත්වලින් ලිංගිකත්වයට කිසිදු බලපෑමක් නැහැ – රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
12

එන්නත්වලින් ලිංගිකත්වයට කිසිදු බලපෑමක් නැහැ – රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

එන්නත්වලින් ලිංගිකත්වයට කිසිදු බලපෑමක් නැහැ – රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

වයස අවුරදු 30 ට වැඩි එන්නත් මාත්‍රා 2 ම ලබා ගත් පුද්ගලයින් සංඛ්‍යාව 100% ආසන්න මට්ටමේ මේ වන විට පවතින බව කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

 

 

මේ අතර එන්නත්කරණය පිළිබඳ අදහස් දක්වමින් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කර සිටියේ, අවුරුදු 20 ත් 29 ත් ඇතැම් පිරිස් තමන් කැමති එන්නත් ලැබෙන තුරු බලා සිටීම, සඵලතාවය , ලිංගිකත්වයට බලපෑමක් වන බවට වන විද්‍යාත්මක පදනමක් නැති, අසත්‍ය තොරතුරු නිසා එන්නත ලබා ගැනීමට මැලිකමක් දක්වන බවයි.

 

 

රාජ්‍ය අමාත්‍යවරිය  සඳහන් කළේ, කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් ලිංගිකත්වයට හෝ සඵලතාවයට කිසිදු බලපෑමක් ඇති නොවන බවයි.

views

559 Views

Comments

arrow-up