පෞද්ගලික අංශයේත් විශ්‍රාම යන අවම වයස දික් වෙයි

පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම දිවියට එළැඹීමේ අවම වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අදාළ පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ දැනට පවතින අවම වයස් සීමාව සංශෝධනය කිරීමට පනත් කෙටුම්පත සකස් කිරීම සඳහා 2021.03.23 වනදා කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලැබී තිබිණි.
ඒ අනුව සකස් කරන ලද මුලික කෙටුම්පත අග්‍රාමාත්‍ය මහිතන්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කර ඇති ඇඟලුම් කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍රයට බලපාන ප්‍රතිපත්තිමය හා නෛතික කරුණු පිළිබඳව අධ්‍යනය කිරීමේ කමිටුවේදී තවදුරටත් සාකච්ඡා කර ඇති අතර එම කමිටුවේ තීරණය පරිදි වයස අවුරුදු 52 එළඹ නොමැති සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට නියමිතය.
පනත ක්‍රියාත්මක වන දිනයේ දී වයස අවුරුදු 52 හෝ ඊට වැඩි සේවකයින් ඔවුන්ගේ වයස අනුව කාණ්ඩ තුනක් යටතේ උපරිම වශයෙන් වයස අවුරුදු 59 දක්වා සේවයේ යෙදවීමට හැකි පරිදි විධිවිධාන ඇතුළත් නීති කෙටුම්පත එලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
721 Views
Comments