කෝවිල තුළ බාලවයස්කාර දැරිය කෙළෙසූ පූසාරි රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
17

කෝවිල තුළ බාලවයස්කාර දැරිය කෙළෙසූ පූසාරි රිමාන්ඩ්

කෝවිල තුළ බාලවයස්කාර දැරිය කෙළෙසූ පූසාරි රිමාන්ඩ්

කෝවිල තුළදී වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ බවට සැකපිට රක්‍ෂිත බන්ධනාගාර ගතකොට සිටි සැකකාර පූසාරි මේ මස 23 දක්වා යළිත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි ශසිකලා විජේතුංග මහත්මිය ඊයේ(16) නියෝග කළාය.

 

කුලියාපිටිය, බෝහිංගමුව ප්‍රදේශයේ හින්දු කෝවිලේ පූසාරි ලෙස කටයුතු කළ රාමචන්ද‍්‍රන් ජයරාමන් නමැත්තෙකු මෙසේ තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි. 

 


මේ වනවිටත් ප්‍රදේශවාසීන් සිදුවීම සම්බන්ධයෙන් කැළඹීමට පත්ව ඇති බවත්, පෝස්ටර් පවා ප්‍රදර්ශනය කර තිබෙන බවත් පැමිණිල්ල වෙනුවෙන් කරුණු කී කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂක අතුල කරුණාපාල මහතා පැවසුවේය. 

 

එමෙන්ම කෝවිල වසා දමා තිබෙන පසුබිමක එහි අභ්‍යන්තරයේ ඇති ආරක්‍ෂිත කැමරා හා පරිශ‍්‍රය පිළිබඳ විමර්ශන අපහසුවී තිබූ බවත් ඇප ලබාදුනහොත් ප්‍රදේශවාසීන් කැළඹීමකට පත්වීමට ඇති ඉඩකඩ වැඩි බවත් පොලිසිය අධිකරණයේ අවධානය යොමුකළේය. 

 

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කුලියාපිටිය මහෙස්ත්‍රාත් ජනනි ශෂිකලා විජේතුංග මහත්මිය ඉදිරිපත්වූ ඇප අයැදුම ප‍්‍රතික්‍ෂේප කරමින් අපක්‍ෂපාතී කඩිනම් පරීක්‍ෂණයක් සිදුකර වහා ප්‍රගතිය දන්වන්නැයි පොලිසියට නියෝග කළාය.

views

1144 Views

Comments

arrow-up