ටිපර් රථයක් දුම්රියේ ගැටේ

අද උදෑසන රඹුක්කන සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක ටිපර් රථයක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ මීරිගම සහ වැල්ලවත්ත දුම්රිය ස්ථාන දෙක අතර ඇති දුම්රිය හරස් මාර්ගයේදී ය.
මීරිගම දිවුලපිටිය ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ ටිපර් රථය අපරික්ෂාකාරී ලෙස දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කිරීමේදී කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටී මෙලෙස අනතුර සිදුව තිබෙනවා.
අනතුරෙන් තුවාල ලද ටිපර් රථයේ රියදුරා රෝහල්ගත කර තිබෙන බවයි වාර්තා වන්නේ.
714 Views
Comments