විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කල කල්ලියක් මාට්ටු

හිඟ විශ්‍රාම වැටුප් ලබා දෙන බව පවසමින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ලෙස පෙනී සිටි සැකකරුවන් සිව් දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට තිබෙනවා.
මොවුන් මෙම ජාවාරම අවිස්සාවේල්ල, මාවතගම, දංකොටුව, හෝකන්දර, මාතලේ, නාරම්මල වැනි ප්‍රදේශවල සිදුකරගෙන ගොස් තිබෙනවා.
හිඟ විශ්‍රාම වැටුප් සකස් කර දෙන ලෙස පවසන මෙම පුද්ගලයින් විවිධ අයගෙන් මුදල් වලට අමතරව රන් භාණ්ඩ ද ලබාගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගැනුනේ මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ විශ්‍රාම අංශයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් කාන්තාවකගෙන් පවුම් පහක් බරති රන් වළලු හතරක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.
අත්අඩංගුවට පත්තර අවස්ථාවේ ඔවුන් සතුව තිබී මුදලෙන් රුපියල් 3,625,000ක්ද රන් පවුම් 30ක්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.
819 Views
Comments