මුලතිව්හි මිනීමරු වන අලියා දෙවැනි බිල්ලත් ගනී

මුලතිව් කුලමුරිප්පු ප්‍රදේශයේ සැරි සරණ මිනීමරු වන අලියෙකු ඊයේ(30) සිය දෙවන මිනිස් බිල්ල ලෙස ප‍්‍රදේශයේ වයෝවෘද්ධ පුද්ගලයෙකු පහරදී ඝාතනය කර තිබේ.
මෙලෙස මියගොස් තිබෙන්නේ එස්.තිරුවනාව් කරුසු නැමති 69 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු පාපැදියකින් ගමන් කරමින් සිටියදී මහා මාර්ගයට පැමිණි එම අලියා පහරදී පා පැදියටද අලාභ හානි සිදු කොට තිබේ.
ප්‍රහාරය එල්ලවන අවස්ථාවේදී එම පුද්ගලයාගේ කෑගැසීම ඇසී ගම්වාසීන් එම ස්ථානයට ගොස් වන අලියා පලවාහැර මුලතිව් ඔඩ්ඩුසුඩාන් රෝහලට ඇතුළත් කොට ඇතත් ඔහු රෝහල් ගත කරන විටත් මියගොස් තිබේ.
මුලතිව් ඔඩ්ඩුසුඩාන් පොලීසිය සිද්ධිය පිළිබදව පරීක්ෂණ පවත්වන අතර පසුගිය සතියේද මෙම වන අලියාගේ පහරදීම නිසා ධීවරයෙකදු මියගොස් තිබුණි.
763 Views
Comments