“එයාට අනියම් සබඳතා ගොඩක් තිබුණා” සැමියා බිරිඳට ඇසිඩ් ගසයි - පොලිසිය නොමග යවන්න සැමියාම පොලිස් පැමිණිල්ලත් දාලා
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
01

“එයාට අනියම් සබඳතා ගොඩක් තිබුණා” සැමියා බිරිඳට ඇසිඩ් ගසයි - පොලිසිය නොමග යවන්න සැමියාම පොලිස් පැමිණිල්ලත් දාලා

“එයාට අනියම් සබඳතා ගොඩක් තිබුණා” සැමියා බිරිඳට ඇසිඩ් ගසයි - පොලිසිය නොමග යවන්න සැමියාම පොලිස් පැමිණිල්ලත් දාලා

අනියම් ඇසුරේ යෙදුණු බව කියන තම බිරිඳගේ මුහුණ විරූපී කිරීමට මුහුදු බෙල්ලන් සේදීමට භාවිතා කරන සැර දියරයක් එල්ල කර, පොලිස් පරීක්ෂණද නොමඟ යවමින් සිටි පුද්ගලයෙකු පෙරේදා(29) අත්අඩංගුවට ගැනීමට කළුතර අපරාධ කොට්ඨාශය සමත්ව තිබේ.

 

වාද්දුව, පොතුපිටිය ප‍්‍රදේශයේ කුලී නිවසක පදිංචිව සිටි 52 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

 

පසුගිය සැප්තැම්බර් 27 වැනිදා රාත‍්‍රී 10ට පමණ පෞද්ගලික ආයතනයක රාජකාරිය නිම කර, ඔවුන් පදිංචි කුලී නිවසට එමින් සිටියදී දෙදරු මවකට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

 

සිදුවීම සම්බන්ධයෙන් ඇගේ ස්වාමිපුරුෂයා වන සැකකරු පොලිසියට පැමිණිලි කර ඇත්තේ කිසියම් පුද්ගලයෙකු විසින් මග රැක සිට සිය බිරිඳට ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බවත්, ඒ මොහොතේ තමන් රත්මලාන ප්‍රදේශයේ රැඳී සිටි බවත්ය.

 

කෙසේ වුවත් මාස දෙකකට වැඩි කාලයක් පොලිස් පරීක්ෂණ සිදුකර ඇති අතර, සැකකරුගේ ජංගම දුරකථන වාර්තා පරීක්ෂා කිරීමේදී ඇසිඩ් ප‍්‍රහාරය එල්ල වන මොහොතේ ඔහු වාද්දුව, පොතුපිටිය ප්‍රදේශයේ රැඳී සිට ඇති බවත්, ප්‍රහාරය එල්ල කිරීමෙන් පසු රත්මලාන ප්‍රදේශයට ගොස් ඇති බවත් තහවුරු වී ඇත.

 

සැකකරු අත්අඩංගුවට ගෙන කල දීර්ඝ ප්‍රශ්න කිරීම් වලදී වාද්දුව පොතුපිටිය මහා විදුහල අසල, රංජිත් ශාන්ත රූපසිංහ මාවතේ තාප්පය අසල සැඟව සිට ඇසිඩ් ප්‍රහාරය එල්ල කර ඇති බවට පිළිගෙන ඇති බව පොලිසිය පවසයි.

 

තම බිරිඳ අනියම් සබඳතා කිහිපයක් පවත්වන නිසා බිරිඳ යහමගට ගැනීමට දැඩි උත්සහයක නිරතව එය අසාර්ථක වීමෙන් පසු ඇයගේ මුහුණ විරූපී කිරීමේ අරමුණින් මුහුදු බෙල්ලන් සේදීමට යොදා ගන්නා අධිසැර රසායනික දියර මුහුණට දමා ගැසූ බවට සැකකරු පාපොච්ඡාරණය කර ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

 

මරණ චේතනාවෙන් ප්‍රහාරය එල්ල කර නොමැති බවට ප්‍රකාශ ලබාදී ඇති සැකකරු රෝහල් ගත කිරීමෙන් පසු ඇගේ ජීවිතය බේරා ගැනීමට දැඩි උත්සහයක් ගෙන ඇති බවටද තහවුරු වූ බව පොලිස් නිලධාරියෙක් කියා සිටියේය.

 

සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිව ඇත.

views

21909 Views

Comments

arrow-up