විවාහක ලාබාල තරුණිය ලිපියක් ලියා තබා ගෙලවැළලා ගනී - හේතුව පවුල් ආරවුලක්
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
08

විවාහක ලාබාල තරුණිය ලිපියක් ලියා තබා ගෙලවැළලා ගනී - හේතුව පවුල් ආරවුලක්

විවාහක ලාබාල තරුණිය ලිපියක් ලියා තබා ගෙලවැළලා ගනී - හේතුව පවුල් ආරවුලක්

අරලගංවිල යාය 06 ගම්මානයේ පදිංචිව සිටි අවුරුදු 18ක විවාහක තරුණියක් පසුගිය 06 වන දින සවස තමා පදිංචිව සිටි නිවස තුළම ගෙල වැළලාගෙන සියදිවි නසාගෙන ඇතැයි අරලගංවිල පොලිසිය පවසයි.

 

මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ අරලගංවිල යාය හය ගම්මානයේ අංක 15 නිවසේ පදිංචිව සිටි හිගුරුවැව පතිරණලාගේ සදුපමා කෞෂල්‍යා පතිරණ නමැති කාන්තාවකි. 

 

මෙම තරුණිය උසස් ලෙස සාමාන්‍ය පෙළ විභාගය සමත්ව පොළොන්නරුව නගරයේ ජනප්‍රිය පාසලක උසස් පෙළ හදාරමින් සිටින අතරතුරදී මීට මාස කීපයකට පෙර පාසල් ගමන නවතා විවාහ වී තිබේ. 


මෙම සිදුවීම වන අවස්ථාවේදී ඇගේ සැමියා වැලි ගොඩ දැමීමට ගොස් සිට ඇති බවත් සිය දිවි හානිකර ගැනීමට ආසන්නම හේතුව වී ඇත්තේ පවුල් ආරවුලක් බවත් පොලිසිය සඳහන් කරයි. 

 

සියදිවි හානි කරගන්නා බවට තරුණිය විසින් ලියන ලද ලිපියක්ද පොලිසිය සොයාගෙන තිබේ.

 

අරලගංවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

views

7323 Views

Comments

arrow-up