නවීන තාක්ෂණයෙන් සිදු කළ මෝටර් රථ සොරකම
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
30

නවීන තාක්ෂණයෙන් සිදු කළ මෝටර් රථ සොරකම

නවීන තාක්ෂණයෙන් සිදු කළ මෝටර් රථ සොරකම

තලවතුගොඩ වෛද්‍ය මධ්‍යස්ථානයක රථ ගාලේ නවතා තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා සුඛෝපභෝගී මෝටර් රථය සොරා ගත් සැකකරුවන් දෙදෙනෙකු පැය විසි හතරක් තුළ දී තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

සොරා ගත් මෝටර් රථය, මෝටර් රථය ස්කෑන් කර පණ ගැන්වීම සඳහා භාවිතා කරන මෘදුකාංග සහිත නවීන යන්ත්‍රයක්, සොරකම සඳහා පැමිණි මෝටර් රථය, විවිධ වර්ගයේ සිම්පත් 2000 කට ආසන්න ප්‍රමාණයක් ඔවුන් සතුව තිබී පොලිස් භාරයට ගෙන ඇත.

 

පසුගිය 27 වැනිදා රාත්‍රි ප්‍රතිකාර ලබා ගැනීම සඳහා තලවතුගොඩ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත පැමිණි අතුරුගිරියේ ප්‍රදේශයේ පදිංචි බැංකු නිලධාරියකු රථ ගාලේ සිය මෝටර් රථය නවතා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත ගොස් ප්‍රතිකාර ලබා ගැනීමෙන් අනතුරුව නිවස කරා යාම සඳහා නැවත මෝටර් රථය නවතා තිබූ ස්ථානයට පැමිණීමේදී සිය මෝටර් රථය සොරාගෙන ගොස් ඇති බවට දැක පොලිසියට පැමිණිලි කර තිබූණි. 

 

ඒ අනුව ක්‍රියාත්මක වූ තලංගම පොලීසිය මෙම මෙහෙයුම සිදු කර තිබේ.

views

209 Views

Comments

arrow-up