දිඹුලාගලදී මාරක අනතුරකින් එක් දරු පියෙක් මරුට

දිඹුලාගල මංසන්දියේදී සිදු වූ රිය අනතුරකින් විදෙස් ගත වීමට අපේක්ෂාවෙන් සිටි දිඹුලාගල සෝරුවිල දමිළ ගම්මානයේ පදිංචි එක් දරු පියෙක් ජීවිකත්ෂයට පත්ව තිබේ. දරුවා සසුන්ගත කළ දිනයේද රාත්‍රී දිඹුලාගල මංසන්දියේදී ඔහු ගමන් කළ යතුරුපැදිය වෑන් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.
පසුගිය වෙසක් පොහොය දිනයේ තම අවුරුදු 6 ක් වයසැති එකම දමිළ පිරිමි දරුවා සසුන්ගත කර විදෙස් ගත වීමට ඔහු අපේක්ෂාවෙන් සිට ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි. දිඹුලාගල කුඩා වැව ගම්මානයේ පදිංචි වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරන අතර මෙම අනතුරින් එක් දරු පියා සහ අනෙක් පුද්ගලයා ද බරපතළ තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.
අනතුර සිදුවන අවස්ථාවේ මොවුන් දෙදෙනාම ආරක්ෂක හිස්වැසුම් පැළද නොසිටි බව වාර්තා වේ.
250 Views
Comments