ගාස්තු රහිත ‘1938’ කාන්තා උපකාරක දුරකථන සේවාව ඇරඹෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
02

ගාස්තු රහිත ‘1938’ කාන්තා උපකාරක දුරකථන සේවාව ඇරඹෙයි

ගාස්තු රහිත ‘1938’ කාන්තා උපකාරක දුරකථන සේවාව ඇරඹෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය ක්‍රියාවට නංවමින් 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාව හදුන්වා දීමේ සමාරම්භක වැඩසටහන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වුණා.

 

මෙම දුරකථන සේවාව පැය 24 පුරාම ක්‍රියාත්මකයි.

 

දිවයිනේ ඕනෑම ස්ථානයක සිට ගාස්තු රහිතව 1938 අංකය ඔස්සේ කාන්තාවන්ට සිදුවන අතවර, හිරිහැර ආදී අකටයුතුකම් දනුම් දීමේ අවස්ථාව හිමිවෙනවා.

 

මෙම වැඩසටහනට සමගාමිව 1938 ගාස්තු රහිත කාන්තා උපකාරක දුරකථන සේවාවේ ජාතික දත්ත පද්ධතිය එළිදැක්වීම, ජාතික කාන්තා කමිටු නව සාමාජිකයින් සඳහා පත්වීම් ලිපි ප්‍රධානය, වනිතා විභව කාන්තා කමිටු ප්‍රකාශනය එළිදැක්වීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

views

802 Views

Comments

arrow-up