AUG
17
ඉන්දියන් සාගරයේ භූචලනයක්

භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා පවසා සිටියේ ඊයේ පස්වරු 6.43ට පමණ ශ්‍රී ලංකාවට දකුණින් ඉන්දියන් සාගරයේ මැග්නිටියුට් ඒකක 5.0ක භූචලනයක් සිදු වූ බවයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ ශ්‍රී ලංකාවට දකුණින් ඉන්දියන් සාගරයේ කිලෝමීටර 1200ක් පමණ දුරින් මෙම භූචලනය සිදුව ඇති බැවින් එයින් මෙරටට කිසිදු බලපෑමක් නොමැති බවයි.
871 Views
Comments