රූපවාහිනියේ දුටු දෙයින් පියා සහ මාමා එක්ව වසර ගණනාවක් තමාව දූෂණය කල ආකාරය ගැන දැරිය කට අරී - නරුමයින්ට ඇපත් නෑ

දැනට වසර 7 කට පෙර කෙළිදෙලෙන් පසුවූ 1 ශ්‍රේණියේ ඉගෙනුම ලැබමින් සිටි තම එකම සිඟිති දියණිය බිරිඳගේ වැඩිමල් සොයුරා සමඟ එක්ව වසර ගණනාවක් තිස්සේ ලිංගික අපයෝජනයට ලක්කළ බව කියන පියා සහ මාමා සැප්තැම්බර් 25 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව වැඩ බලන මහෙස්ත‍්‍රාත් පී‍්‍රමාල් අමරසිංහ මහතා පසුගිය 13 වනදා නියෝග කළේය.
පැමිණිල්ල මෙහෙයවූ සීදුව පොලිසියේ සැරයන් (51717) හරිස්චන්ද්‍ර මහතා විසින් ගොනුකළ පැමිණිල්ල මත මෙහි ප‍්‍රධාන සැකකරු වන දැරියගේ පියා, මේ වනවිට දරුවාගේ මවගෙන් වෙන්වී අනුරාධපුර ප්‍රදේශයේ වෙනම ජීවිතයක් ගතකරයි.
දැනට වසර 7කට පමණ පෙර දැරිය පළමුවන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියදී සැකකාර පියා තම දියණිය ලිංගික අපචාරයන් සඳහා දිගු කලක් භාවිතා කර ඇත.
මේ පිළිබඳව දැනගැනීමෙන් පසු මස්සිනා(දැරියගේ මාමා) ද තම සොහොයුරියගේ දියණියගෙන් පහත් කාමාශාවන් ඉටු කරගෙන තිබේ.
දැන් 13න් හැවිරිදි වියේ පසුවන මෙම වින්දිත දැරිය තම මව සමඟ ලිංගික අපචාර කි‍්‍රයාවන් සම්බන්ඳව දැනුවත් කෙරන රූපවාහිනී වැඩසටහනක් නරඹා තිබෙන අතර එය දුටු දියණිය “අම්මේ ඕවත් වැඩද” කියා තාත්තා සහ මාමා විසින් වසර ගණනාවකට පෙර තමාව ලිංගික අපයෝජනයට ලක්කල ආකාරය පිළිබඳව තම මවට පැහැදිලි කොට ඇත.
දැරියගේ මව අපරාධය පිළිබඳව පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත්කර තිබේ.
සීදුව පොලිසියේ සැරයන් (51717) හරිස්චන්ද්‍ර මහතා පැමිණිල්ල මෙහෙයවීය.
57164 Views
Comments