සෙල්ෆි ගහන්න ගිහින් පාලමෙන් ඇදවැටුණු තරුණයා මරුට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

සෙල්ෆි ගහන්න ගිහින් පාලමෙන් ඇදවැටුණු තරුණයා මරුට

සෙල්ෆි ගහන්න ගිහින් පාලමෙන් ඇදවැටුණු තරුණයා මරුට

සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමේදී තරුණයෙකු පාලමෙන් ඇදවැටී ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් යාපනයෙන් වාර්තා වේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවිරිදි යාපනය නල්ලූර් ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

 

ඔහු යාපනය පන්නෙයි පාලමෙහි බැම්ම අසල සිට සෙල්ෆි ඡායාරූපයක් ලබා ගැනීමට උත්සාහ කරන අවස්ථාවේදී පය ලිස්සා බැම්මෙන් පහළට ඇද වැටී තිබේ.

 

නාවික හමුදාව සහ පොලිසියට ගම්වාසීන්ගේ සහාය ඇතිව පැය කිහිපයක් ඇතුලත මියගිය පුද්ගලයාගේ සිරුර සොයා ගත හැකි විය.

 

මෘතදේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා යාපනය රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කර තිබේ.

views

1594 Views

Comments

arrow-up