AUG
02
ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද දින සේවයට වාර්තා නොකිරීමට තීරණයක්

ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා පවසා සිටියේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති අද දිනයේ සේවයට වාර්තා නොකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා ලිඛිතව දැනුවත් කර බවයි.
අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා දැනුම් දී තිබුණේ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත් කළ චක්‍රලේඛයට අනුව දිවයින පුරා සියලු ගුරුවරුන් හා විදුහල්පතිවරුන් අද දින සිට සේවයට වාර්තා කළ යුතු බවයි.
845 Views
Comments