නුවරඑළිය දිසා මහ රෝහලේ අක්ෂි සැත්කම් කළ පිරිසකට පෙනීම අහිමි වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
06

නුවරඑළිය දිසා මහ රෝහලේ අක්ෂි සැත්කම් කළ පිරිසකට පෙනීම අහිමි වෙයි

නුවරඑළිය දිසා මහ රෝහලේ අක්ෂි සැත්කම් කළ පිරිසකට පෙනීම අහිමි වෙයි

නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ සිදු කළ අක්ෂි ශල්‍යකර්ම වලින් අනතුරුව රෝගීන් කිහිප දෙනෙකුට පෙනීම අහිමිවීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර තිබේ.

 

 

එලෙස ශල්‍යකර්ම සිදු කරගත් රෝගීන් 6 දෙනෙකු අදාල සැත්කම් වලින් පසු තමන්ට ඇස් නොපෙනීම හේතුවෙන් යළි රෝහල්ගත වී ඇත.

 

 

ඉන්දියාවෙන් ආනයනය කළ බව කියන ප්‍රෙඩ්නිසිලෝන් නම් ඖෂධය භාවිතා කිරීමෙන් පසු මෙලෙස සංකූලතා ඇති වී තිබෙන අතර මේ වනවිට ශල්‍යකර්ම සිදු කිරීමද තාවකාලිකව නවතා තිබේ.

 

 

අදාල ඖෂධ සාම්පල ජාතික ඖෂධ නියාමන අධිකාරියට යොමු කිරීමෙන් අනතුරුව රෝහල් වලින් එය ඉවත් කිරීමටද පියවර ගෙන ඇත.

views

148 Views

Comments

arrow-up