පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත් අමාරුයි - ගෙවල් කුලියත් වැඩිකරලා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ඉදිකර ඇති මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාස කුලී ගාස්තු ඉහළ දැමීම පිළිබඳ යෝජනාවක් පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වී ඇත.
1994 වසරේදී ඉදිකර ඇති මෙම නිවාස සංකීර්ණයේ නිවසකට මාසිකව රුපියල් 500 ක කුලී ගාස්තුවක් අය කර ඇති අතර ඉන්පසු එය රුපියල් 1000 දක්වා ඉහළ ගොස් ඇත. නිවාස නඩත්තුව සඳහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුව ඇති නමුත් අය කෙරෙන කුලී ගාස්තුව රුපියල් 1000 ම වීම හේතුවෙන් මෙලෙස කුලී ගාස්තු හා දඩ මුදල් ඉහළ දැමීමට යෝජනා වී තිබේ.
275 Views
Comments