සිමෙන්ති ඉල්ලුම 20%කින් ඉහළට

පසුගිය වසරේ අවසන් කාර්තුවේ සහ මේ වසරේ මුල් කාර්තුවේ සිමෙන්ති භාවිතය මෙන්ම ඉල්ලුම සියයට 20කින් ඉහළ ගොස් ඇතැයි සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත ඇමැති, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
සිමෙන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලාවල යන්ත්‍රසූත්‍ර බිඳ වැටීම හේතුවෙන් ද නිෂ්පාදනයේ යම් අඩුවක් පෙන්නුම් කරන බවත් ඉදිරි දින සහ සති කිහිපයේදී මේ තත්ත්වය නිරාකරණය කරගත හැකි බවට සැපයුම්කරුවන් ප්‍රකාශ කර ඇති බවත් ඇමැතිවරයා කීවේය.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (08) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා එසේ කියා සිටියා.
513 Views
Comments