හයිටි භූකම්පනයෙන් 300කට අධික පිරිසක් මරුට

බීබීසී ලෝක පුවත් සේවය වාර්තා කළේ හයිටි රාජ්‍යයේ පෝර්ට් ප්‍රින්ස් වරායේ සිට කිලෝමීටර 8ක් දුරින් පිහිටි මුහුදේ කිලෝමීටර 10ක් ගැඹුරින් රිච්ටර් මාපාංක ඒකක 7.2කින් යුත් මෙම ප්‍රබල භූකම්පනයෙන් පුද්ගලයන් 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
මෙම භූකම්පනයෙන් එරට දේවස්ථාන නිවාස හා ගොඩනැගිලි රැසක් විනාශ වී ඇති අතර භූකම්පනයෙන් පසු හයිටි රාජ්‍ය හා අසල්වැසි රටවල් කිහිපයකටද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මෙම භූකම්පනය හේතුවෙන් පුද්ගලයන් 300කට අධික පිරිසක් මියගොස් ඇති අතර පුද්ගලයන් 1800කට අධික පිරිසක් තුවාල ලබා ඇත.
722 Views
Comments