“කෝවිඩ් මරණවලට කොරෝනා මර්දන බළකාය වගකිව යුතුයි” - රනිල් වික්‍රමසිංහ
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

“කෝවිඩ් මරණවලට කොරෝනා මර්දන බළකාය වගකිව යුතුයි” - රනිල් වික්‍රමසිංහ

“කෝවිඩ් මරණවලට කොරෝනා මර්දන බළකාය වගකිව යුතුයි” - රනිල් වික්‍රමසිංහ

වර්තමානයේ සිදුවන මරණවලට කොරෝනා මර්දන බලකාය වගකිව යුතු බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

 

විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා පැවසා තිබෙන්නේ කොරෝනා මර්දන බළකාය වහාම විසිරුවා හැර නීතියෙන් පිහිටුවා ඇති මණ්ඩල මාර්ගයෙන් කොරෝනා මර්දනය කරන්නට ක්‍රියා කළ යුතු බවයි.

 

එසේ නොමැති වුවහොත් ශ්‍රී ලංකාව 21වන ශත වර්ෂයේ විශාලා මහනුවරක් බවට පත්වීමේ අවදානමක් ඇතැයිද හිටපු අගමැතිවරයා සඳහන් කළේය.

 

ආණ්ඩුව කොවිඩ් මර්දනය සඳහා ගෙන යන ක්‍රමවේද අසාර්ථක වී ඇති බව කී හිටපු අග්‍රාමාත්‍යවරයා තවත් කල් ගන්නට හැකියාවක් නැති අතර නීතියෙන්ම ස්ථාපිත කර තිබෙන ආපදා කළමනාකරණ මණ්ඩල මඟින් මෙම අර්බුදයෙන් ගොඩ එන්නට සැලසුම් සැකසිය යුතු බවද සඳහන් කළේය.

 

වීඩියෝ තාක්ෂණය ඔස්සේ කොළඹ දී විශේෂ ප්‍රකාශයක් කරමින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේය.

views

843 Views

Comments

arrow-up