කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවත්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවත්

කොවිඩ් ප්‍රතිකාර කටයුතු සඳහා ත්‍රිවිධ හමුදාවත්

යම් ආකාරයකට ඉදිරියේදී කොවිඩ් රෝගීන් වැඩිවුවහොත් ප්‍රතිකාර කටයුතු සහ ඒවාට සහාය ලබාදීම සඳහා ත්‍රිවිධ හමුදාවේ සාමාජිකයන්, සෞඛ්‍ය අංශයේ විශ්‍රාමික නිලධාරීන් සහ පෞද්ගලික අංශ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු කණ්ඩායම් අනියුක්ත කරගැනීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ,විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.

 

මේ අතර කොවිඩ් ආසාදිත රෝගීන් ප්‍රවාහනය සඳහා ගිලන් රථ ප්‍රමාණවත් නොවන්නේ නම්, ප්‍රාදේශීය මට්ටමින් සුදුසු වැඩපිළිවෙළකට යොමුවීමට අවශ්‍ය පියවර ගන්නැයිද සියලු‍ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ට උපදෙස් ලබාදී ඇතැයි හෙතෙම පැවසුවේය.

views

821 Views

Comments

arrow-up