කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
30

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේ ද අපේක්ෂා කරන බවයි.

 

 

ඒ අනුව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇති විය හැකි අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තද වැසි ද ඇති විය හැකි බවයි.

 

 

 

සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ නැගෙනහිර සහ ඌව පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් වැසි ඇති විය හැකි බව සඳහන්ය.

 

 

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වාර්තා කර ඇත්තේ මීට අමතරව අද දිනයේ තලෛමන්නාරම, ඉරමියම්කුලම්, කරප්පුකුට්ටි සහ පලම්පාසි යන ප්‍රදේශවලට ඉර මුදුන් වන බවයි.

 

 

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා තිබු වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 03 ඉක්මවා ගොස් තිබෙන බව සඳහන් වේ.

 

 

 

views

257 Views

Comments

arrow-up