උසස්පෙළ විභාගයේ ප්‍රායෝගික පරික්ෂණ ලබන 27 වනදා සිට

විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස්පෙළ විභාගයේ ප්‍රායෝගික පරික්ෂණ ලබන 27 වනදා සිට යළි ආරම්භ කරන බවයි.
මෙහිදී දේශීය හා භරත නැටුම්, පෙරදිග සංගීතය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය ආදී විෂයන්ට අදාළ ප්‍රායෝගික පරික්ෂණ පැවැත්වීමට නියමිතයි.
විභාග කොමසාරිස්වරයා සඳහන් කළේ පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර අදාළ පාසල්වල විදුහල්පතිවරුන් වෙතද පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර ඔවුන්ගේ ලිපිනයන් වෙත තැපැල් මගින් යොමුකරන බවයි.
ප්‍රායෝගික පරික්ෂණ සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් 1911 ක්ෂණික දුරකතන අංකයට හෝ විභාග දෙපාර්තමේන්තුවට දැනුම් දිය හැකියි.
විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන ඔක්තෝම්බර් මස 15 වනදා පවත්වන බවයි.
එම දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම විභාගය සදහා අයදුම්පත් භාරගැනීම ලබන මස 06 වනදා දක්වා සිදු කෙරෙන බවයි.
මාර්ගගත ක්‍රමයට ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාරගැනීම සිදු කෙරෙයි.
ජුලි මස 6 වනදා මධ්‍යම රාත්‍රී 12.00න් පසු මාර්ගගත ප්‍රවේශය වසා දමන බව සඳහන් වේ.
විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ කිසිදු හේතුවක් මත හෝ අයදුම් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බවයි.
307 Views
Comments