ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් කිහිපයක්

ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සත් තබා තිබේ.
අදාළ ගිවිසුම් සඳහා ඊයේ (07) දිනයේදී අත්සන් තබා ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා සඳහන් කළේය.
සෞඛ්‍ය සහයෝගීතාව, සංස්කෘතික සහයෝගීතාව සහ මාලදිවයිනේ සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටුවීම සම්බන්ධයෙන් අදාළ අවබෝධතා ගිවිසුම් අත්සන් තබා තිබේ.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඒකාබද්ධ කොමිසමේ සිව්වන සැසිවාරය ඊයේ සහ පෙරේදා දිනවල විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වූ අතර ඒකාබද්ධ කොමිසමේ සිව්වන සැසිවාරයට සමගාමීව එම ගිවිසුම් වලට අත්සන් තබා ඇති බව වාර්තා වේ.
මෙම සැසිවාරය සඳහා මාලදිවයින නියෝජනය කරමින් එරට විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ශහීඩ් මහතා එක්ව සිටියේය.
247 Views
Comments