පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
01

පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක්

පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක්

පොසොන් පොහොය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාර 10ක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර හෙට (2) සිට ලබන 5 වැනි දා දක්වා එම දුම්රිය ගමන්වාර ක්‍රියාත්මකයි.

 

ඒ අනුව බෙලිඅත්ත, ගාල්ල හා කොළඹ කොටුවේ සිට විශේෂ දුම්රිය අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙනු ඇත.

 

අනුරාධපුරයේ සිට ද කොළඹ කොටුව ඇතුළු ගමනාන්ත කිහිපයක් වෙත විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් එක් කිරීමටද නියමිත බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

 

මේ අතර පොසොන් සැමරීමට අනුරාධපුරයට පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් අටමස්ථානය සහ මිහින්තලය ආශ්‍රිතව පහසුකම් සැලසීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පැවසුවේ ය.

views

229 Views

Comments

arrow-up