MAY
25
යූරියා පොහොර මිල තවත් පහළට

ඉදිරි සති දෙක ඇතුළත යූරියා පොහොර රැගත් තවත් නැවක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවත් එම යූරියා පොහොරවල මිල රුපියල් 500ක් හෝ ඊට ආසන්න ගණනකින් අඩු වනු ඇති බවත් අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.
හෙක්ටයාර් භාගයකට වැඩි භූමි ප්‍රමාණයක ගොවිතැන් කරන ගොවීන්ට යූරියා හොන්ඩරයක් නොමිලේ ලබාදෙන බවත් හෙක්ටයාර් දෙකක් ඇති ගොවීන්ට පොහොර මිලදී ගැනීම සඳහා රුපියල් 40000ක් ලබාදෙන බවත් අමාත්‍යවරයා පැවසීය. ඒ යටතේ සමස්ත ගොවීන්ට හිමිවන මුදල රුපියල් මිලියන 1000කට අධිකය.
310 Views
Comments