JUN
01
තෙල් මිල අඩු උනත් ත්‍රීරෝද රථ හා බස් ගාස්තු අඩු කරන්නේ නෑ

පෙට්‍රල් මිල අඩු වුවත් ත්‍රීරෝද රථ ගාස්තුවේ කිසිදු අඩු වීමක් සිදු නොවන බව ත්‍රීරෝද රථ සංගම් පවසන අතර සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා පවසන්නේ ත්‍රීරෝද රථ සඳහා වහාම ගාස්තු සමාලෝචන කමිටුවක් පත් කළ යුතු බවයි.
මේ අතර ඩීසල් මිල ගණන් සංශෝධනයක් නොවීම හමුවේ බස් ගාස්තු අඩු නොවන බව සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.
ඊයේ (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කෙරුණි.
292 Views
Comments