බඹ 07ක් ජලය පිරුණු ලිඳට වැටුනු 09 හැවිරිදි දරුවා මරුවාට සරදම් කොට ළිං කටෙන්ම ගොඩ ආ හැටි

බඹ 07ක් පමණ ගැඹුරු ජලය පිරුණු ළිඳකට වැටුණු කුඩා පිරිමි දරුවකු ස්ව උත්සහයෙන්ම ගොඩට පැමිණ දිවි බේරාගත් පුවතක් කුරුණෑගල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
නව හැවිරිදි සචින් ඉමල්ක වික්‍රමසිංහ නම් මෙම දරුවා ජනවාරි පළමු වෙනිදා නෑම සදහා තනිවම ළිඳ ලඟට පැමිණ තිබුනා.
මෙම දරුවා ළිඳේ වතුර බැලීම සඳහා එහි තිබු කඹය අල්ලාගෙන ළිඳට එබී ඇති අතර පය ලිස්සා යාමෙන් ළිඳට වැටි තිබෙනවා.
ළිඳට වැටුණු සචින් ඉමල්ක දරුවා ළිං පතුළේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී ඇති අතර ළිඳ ඇතුලේ එල්ලා තිබු වතුර බටය ආධාරයෙන් ගොඩට පැමිණ ඇති බවයි වාර්තා වෙන්නේ.
317 Views
Comments