ලක්ෂයට වැඩි මාසික ආදායමක් ඇති අයට අද සිට බදු

රුපියල් ලක්ෂයකට වැඩි මාසික ආදායමක් උපයන පුද්ගලයන්ගෙන් ආදායම මත බදු අය කිරීම අද(01) සිට ක්‍රියාත්මක වනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවේ අවට රටවල් සැසදීමේදී ශ්‍රී ලංකාවේ බදු අනුපාතය තව දුරටත් පහළ මට්ටමක පවතින බවයි.
කෙසේ වෙතත් මාසිකව රුපියල් ලක්ෂයට වැඩි ආදායම් උපයන සියලුම පුද්ගලයන් සියයට 6ක අවම මට්ටමක සිට සියයට 36ක උපරිිම මට්ටමක් දක්වා බදු ගෙවීමට යටත් බවයි
කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ.
කෙසේ වෙතත් වර්තමානයේ පවතින ආර්ථික පසුබිම තුළ මෙවැනි බදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ පැවසුවේ.
237 Views
Comments