“ගෝඨාභයයි රනිලුයි දෙන්නම යන්න ඕන, සර්වපාක්ෂික ආණ්ඩුවකට අපි ලෑස්තියි” - අනුර කුමාර

හැකි ඉක්මනින් මැතිවරණයකට යන තෙක් ස්ථාපිත කරන අන්තර්කාලීන ආණ්ඩුවක අරමුණ හා සංයුතිය අනුව තම පක්ෂයට පැවරෙන වගකීම ඉටුකිරීමට තමන් සූදානම් බව ජාතික ජන බලවේගයේ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.
දූෂිත පාලනයකට එරෙහිව අරගල කරමින් සිටින ජනතාව අපේක්ෂා කරන දේශපාලන හා ආර්ථික වෙනස සම්පූර්ණයෙන් ස්ථාපිත කිරීම සහ ස්ථිර කිරීම කළ හැක්කේ ලැබෙන ජනතා වරම අනුව බවත් ඔහු කියයි.
ඒ දක්වා ජනතාවට අදාළව ප්‍රධාන ගැටලු කිහිපයට කඩිනමින් විසඳිය යුතු බව මන්ත්‍රීවරයා පවසයි.
රැළි නඟින ජනතා අරගලයේ සැබෑ අරමුණ තුළ විශාල දේශාපාලන ගැඹුරක් තිබෙන බැවින් එය ක්‍රමානුකූලව ඉටුකළ යුතු බව ඔහුගේ අදහස වී තිබේ.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් පවසන්නේ පළමුව වහාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති රනිල් වික්‍රමසිංහ ධුර වලින් ඉවත්විය යුතු බවයි.
ඉන් මෙපිට බලයේ රැඳී සිටීමට කුමන ප්‍රයත්නයක් දැරුවද ඊට ඉඩක් නොමැති බවත් ඔහු පවසයි.
257 Views
Comments