ටයිල් ගැසට්ටුවත් රිවස් වෙයි

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දේශීය ටයිල් නිෂ්පාදන හිඟවීමෙන් ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට නොහැකි වීමේ හා මිල ඉහළ යාමේ තත්ත්වය සැලකිල්ලට ගෙන ටයිල් සීමිත ප්‍රමාණවලින් ආනයනය කර බෙදාහැරීමට ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට බලය පවරමින් පසුගියදා ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබීය.
ඊට අදාළ ව ටයිල් ආනයනයකර අලෙවි කළ ද විවෘත වෙළෙඳපොළේ පවතින හිඟය හේතුවෙන් අලෙවිකරුවන් විසින් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවෙන් මිලදී ගන්නා ටයිල් ඉහළ මිල ගණන් යටතේ පාරිභෝගිකයින්ට නැවත අලෙවි කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබූ බව සඳහන් වේ.
මෙම තත්ත්වයන් වැළැක්වීමට අදාලව වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මගින් ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාවට පසුගියදා උපදෙස් ලබාදී තිබුණී.
813 Views
Comments