මාෂ්මෙලෝ පුඩිං

හැමදාම වගේ පොඩ්ඩො ආස කරන කෑම වර්ග අපි ඔබට ඉදිරිපත් කරනවා. ඒ ඔබේ අතින්ම පොඩ්ඩන්ට හදලා දෙන මේ කෑම වර්ග වලට ඔවුන් ආස වගේම නිවසෙදිම හදලා දෙන නිසාවෙනි කෑම වර්ග පිරිසිදුවට දෙන්න පුළුවන් නිසා. අද අපි ඔබට මාෂ්මෙලෝ පුඩිං හදන ආකාරය පිළිබඳව පැහැදිලි කරලා දෙන්නම්. ඔබත් අත්හදා බලන්න...
අවශ්‍ය දෑ,
- බිත්තර සුදුමද 5යි
- ජෙලටින් ග්‍රෑම් 15 ( මේස හැඳි1)
- සීනි ග්‍රෑම් 75 - ග්‍රෑම් 100
- වතුර ග්‍රෑම් 100
- කලරිං ස්වල්පයක්
- වැනිලා තේ හැඳි 1/2
- දෙහි බිංදු කීපයක්
සාදන ආකාරය,
ජෙලටින් ගෙන වතුර මි.ලි ලීටර් 100 කට දමා විනාඩි 10 ක් පමණ පෙඟෙන්න තියන්න. ඉන්පසු උණුවතුර භාජනයක තබා ඩබල් බොයිල් ක්‍රමයට දියකර ගන්න .
වියලි භාජනයකට බිත්තර සුදු මද දමා , දෙහි බිංදු කීපයක් දමා හොඳින් බීට් කරන්න .
ඉන්පසු සීනි ටික ටික දමමින් මිශ්‍රණය ඝන වනතුරු නැවතත් බීට් කරන්න .
එයට වැනිලා එක් කරන්න.
මිශ්‍රණය කොටස් කීපයකට බෙදා කොටසින් කොටසට අවශ්‍ය වර්ණ දමා මිශ්‍ර කරන්න .(ලා පාට යෙදූ තරමට ප්‍රිය ජනක වේ)
අවශ්‍ය පරිදි වර්ණ ගලපා භාජන වලට දමා ශීතකරණයේ තබා ශීතකර පිළිගන්වන්න.
by Kaushalya De Silva
559 Views
Comments