දුම්රිය සංඥා ක්‍රියා විරහිත වී රුහුණු කුමාරිය දෙදරු මවක් බිලිගනී

පයාගල ප්‍රදේශයේ දී අඹු සැමි යුවලක් ගමන්ගත් යතුරු පැදියක් ඊයේ(10) පස්වරුවේ රුහුණු කුමාරි සීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් දෙදරු මවක් මියගොස් ඇගේ ස්වාමිපුරුෂයා බරපතළ තුවාල ලබා ඇතැයි පයාගල පොලිසිය පවසයි.
අනතුරෙන් ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ ඇත්තේ පයාගල, දළුවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී මීගහපොලගේ පවිත්‍රා විරාජිනී නමැති 25 හැවිරිදි කාන්තාවකි.
මරදාන සිට මාතර බලා ගමන් කල රුහුණු කුමාරි සීග්‍රගාමී දුම්රිය පයාගල බෝට්ටු වැඩපල අසල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේහිදී යතුරුපැදියේ ගැටී ඇත.
යතුරු පැදිය ගාලුපාර දෙස සිට ඇල්ලගහවත්ත දෙසට ගමන් කිරීමේදී දුම්රියේ ගැටී ඇතැයි පරීක්ෂණ පවත්වන නිලධාරියෙක් පැවසීය.
බරපතළ තුවාල ලැබූ පුද්ගලයා නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබයි.
සංඥා පද්ධතිය මුළුමනින්ම ක්‍රියාවිරහිතව තිබෙන අතර දුම්රිය හරස් මග දෙපසම ”සංඥා පද්ධතිය ක්‍රියාවිරහිතයි” යනුවෙන් පුවරු එල්ලා තිබිණි .
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරික්‍ෂණ ක්‍රියාත්මකයි.
822 Views
Comments