ටින්කර් ලසන්ත ෆොන්සේකාගේ සමීපතම මිතුරෙක් - සරත් වීරසේකර
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
04

ටින්කර් ලසන්ත ෆොන්සේකාගේ සමීපතම මිතුරෙක් - සරත් වීරසේකර

ටින්කර් ලසන්ත ෆොන්සේකාගේ සමීපතම මිතුරෙක් - සරත් වීරසේකර

ඊයේ (03) පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර සහ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණි.

 

 

මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා,

 

 

"මම දැනගෙන හිටියේ නෑ සරත් ෆොන්සේකා කියන්නේ ටින්කරින් ලසන්තගේ සමීප මිතුරෙක් කියලා. සන්ෂයින් සුද්දව මැරුවා. මංකොල්ලා 11ක් කළ අයෙක්. ටින්කරින් ලසන්තව අත්අඩංගුවට ගන්න නොකිව්ව ෆොන්සේකා ඝාතනය කළාම දුක් වෙන්න හදනවා. සගවාගත් ආයුධ ගෙනියන්න යද්දියි ඝාතනය වුණේ. අහන් ඉන්න බැරිද?" යනුවෙන් පැවසීය.

views

802 Views

Comments

arrow-up