බලහත්කාරයෙක් ගෙන ගිය බිරිඳ ඉල්ලා තරුණයෙකු අඩි 200ක් උස කුලූනකට නැග විරෝධයේ
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

බලහත්කාරයෙක් ගෙන ගිය බිරිඳ ඉල්ලා තරුණයෙකු අඩි 200ක් උස කුලූනකට නැග විරෝධයේ

බලහත්කාරයෙක් ගෙන ගිය බිරිඳ ඉල්ලා තරුණයෙකු අඩි 200ක් උස කුලූනකට නැග විරෝධයේ

ඥාතීන් විසින් බලහත්කාරයෙන් රැගෙන ගිය තම බිරිඳව ආපසු තමාට ලබා දෙන මෙන් ඉල්ලමින් වවුනියාව, තේක්කවත්ත ප්‍රදේශයේ තරුණයෙකු අඩි 200ක් පමණ උස දුරකතන සම්ප්‍රේෂණ කුලූණකට නැග පැය ගණනාවක් තිස්සේ විරෝධතාවක නිරත විය.

 

එම ස්ථානයට පොලිස් නිලධාරීන් පැමිණ ශබ්ද වාහිනී යන්ත්‍රයක ආධාරයෙන් තරුණයාට ඔහුගේ බිරිඳ ලබාදෙන බවට පොරොන්දු වීමෙන් අනතුරුව තරුණයා කුළුණෙන් බැසීමට කැමති වුවත් ඔහුගේ මානසික ආතතිය හා තුවාල ලබා තිබීම හේතුවෙන් කුළුණෙන් බැසීමට නොහැකිව තිබුණි. 

 

ප්‍රදේශවාසීන්ගේ සහය ඇතිව පොලිසිය විසින් තරුණයාව බිමට බස්සවා ගැනීමෙන් පසු ඔහුව වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇත. 

 

19 හැවිරිදි මෙම තරුණයා මල්ලාවී ප්‍රදේශයේ තරුණියකට ආදරය කොට ඇයව තරුණියගේ දෙමව්පියන්ගේ අකැමැත්ත මත විවාහ කරගෙන තිබිණි.

views

779 Views

Comments

arrow-up