කෝටි 47ක දිරි දීමනා හොර පාරෙන් ගෙවලා
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
23

කෝටි 47ක දිරි දීමනා හොර පාරෙන් ගෙවලා

කෝටි 47ක දිරි දීමනා හොර පාරෙන් ගෙවලා

 

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ  සේවකයන්ට 2020 වර්ෂයේදී සහ  පසුගිය වර්ෂ හයකදී මහාභාණ්ඩාගාරයේ  අනුමැතියකින් තොරව දිරිදීමනා වශයෙන් රුපියල් කෝටි  47කට වැඩි  මුදලක් ගෙවා ඇතැයි  ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

 

සේවකයන් සඳහා 2020 වර්ෂයේදී  දිරිදීමනා ගෙවා තිබුණේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු 1994 ජුනි 14 දිනැති අංක 95 දරන චක්‍රලේඛ නියමයන්ට පටහැනිව බවද එහි දැක්වේ.

 

මේ අතර රාජ්‍ය අංශය සඳහා නිෂ්පාදන වර්ග 134 ක ඉල්ලුම සපුරාලීමට  නොහැකිවීම හේතුවෙන් සංස්ථාවට 2020 වර්ෂයේදී   රුපියල් කෝටි 8 කට ආසන්න මුදලක් අහිමිවී තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

 

අලෙවි ප්‍රවර්ධන ප්‍රයත්නයකින් තොරවම රාජ්‍ය අංශයෙන් ලැබෙන මෙම ඉල්ලුම සපුරාලිය නොහැකිවීම හේතුවෙන් සංස්ථාව සඳහා නිශ්චිත වෙළෙඳපොළ කොටස අත හැරී  යෑමේ අවදානමක් පැවතුණු  බව විගණන නිලධාරීහු පෙන්වා දෙති.

views

99 Views

Comments

arrow-up